කොරෝනා රෝගීන් මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයේ සත්‍ය තත්ත්වය වසන් කිරීමට චීනය කටයුතු කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව චීනය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් ප්‍රකාශ කළේ එම චෝදනා “අසාධාරණ සහ අයුක්ති සහගත” බවයි.
මෙම වසංගතය සම්බන්ධයෙන් චීනය විවෘත, විනිවිදව හා වගකිවයුතු ආකාරයෙන් කටයුතු කළ බවද ඔහු පැවැසීය.
පසුගිය වසරේ අගභාගයේදී හුබෙයි පළාතේ වුහාන් නගරයේ නිල වශයෙන් අනාවරණය වූ මෙම වෛරසය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට චීනයට යම් කාලයක් ගත වූ බවයි.
බදාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කළේ චීනය වුහාන් හි පැතිරීමේ ප්‍රමාණය පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු නොකළ බවයි.
බ්‍රහස්පතින්දා ලිජියන් පැවැසුවේ වෛරසය මුලින්ම වූහාන් නුවරින් වාර්තා නොවුණත් එය ලෝකයේ ඕනෑම නගරයක, රටක හෝ කලාපයක මතුවීමට අවස්ථාව තිබුණ බවයි.